වෛශනී වෙල්රාජ්
කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් හමුවීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා ඒ බව හෙළි කළේය. ඒ අනුව පීසීආර් පරීක්ෂණ 50ක් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ආශ්‍රිතව සිදුකර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
යූජීසී සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග කොළඹ ගැසට් අපට පැවසුවේ බදාදා (06) යූජීසී හි ආරක්ෂක නිලධාරියෙකුට මෙලෙස කොරෝනා ධනාත්මක වී ඇති බවයි. එම අනාවරණයෙන් පසුව, ආසාදිත පුද්ගලයාගේ සෘජු සම්බන්ධතා ලෙස හඳුනාගත් පුද්ගලයින් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ 50 ක් ඊයේ සිදු කර ඇත.
මහාචාර්ය අමරතුංග මහතා කියා සිටියේ මෙම කණ්ඩායමෙන් යූජීසී හි තවත් සේවකයෙකුට කොරෝනා පරීක්ෂණ ධනාත්මක වී ඇති බවයි. එහි ප්‍රථිපලයක් ලෙස දෙවන ආසාදිත පුද්ගලයාගේ සහායකයන් ලෙස හඳුනාගෙන ඇති තවත් සේවකයින් පිරිසක් අද PCR පරීක්ෂණවලට භාජනය කර ඇති බව ඔහු පැවසීය.