කොවිඩ් මරණ සංඛ්‍යාව 222 යි

අද  (7) තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ්  මරණ සංඛ්‍යාව 222කි.

මෙලෙස මියගොස් ඇත්තේ මීතිරිගල ප්‍රදේශයේ 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බේරුවල ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

එසේම  අද  තවත් කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 231ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 39ක් වශයෙන්  සිටින බව හඳුනාගෙන ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.