සති දෙකක පමණ කාලයක් සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස් බුක් ගිණුම අවහිර කිරිමට තිරණය කොට ඇති බව එම සමාගමේ හිමිකරු මාර්ක් සකබර්ග් පවසයි.
එසේම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඉන්ස්ටග්‍රැම් ගිණුමද අත්හිටුවිමට කටයුතු කොට තිබේ
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටිවිටර් ගිණුම ඉදිරි පැය 12ක කාලයක් සඳහා අත්හිටුවිමට ට්විටර් සමාගම පියවර ගෙන ඇත.
ට්විටර් සමාගම කියා සිටියේ සිය ප්‍රතිපත්තියේ දැඩි ලෙස උල්ලංඝනය කිරීම හමුවේ ඔහු විසින් පළ කළ Twitter පණිවුඩ තුනක් ද ඉවත් කළ බවයි.
ඒ අනුව එම කාල සීමාව තුළ කිසිදු සටහනක් තැබීමට ජනාධිපතිවරයාට හැකියාව නොලැබෙනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.