විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මගින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.
එලෙස බදු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
දේශීය ආදායම් නඩු රැසක් අධිකරණවල ගොඩගැසී ඇති බවත්, ඒවා කඩිනමින් විසඳීම සඳහා අධිකරණ අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය එක්ව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු හා දඩ මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව ගැනද එම කාරක සභා රැස්වීමේදී සාකච්ජා වී ඇත.