තවත් යුක්‍රේන පිරිසක් දිවයිනට

මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය යටතේ පස්වන යුක්‍රේන සංචාරකයින් 183 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායමක් අද (07) දිවයිනට පැමිණියේය.

පසුගිය 29 වනදා ආරම්භ වු මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මේ වනවිට යුක්‍රේන ජාතික සංචාරකයින් 755 දෙනෙකු මේ දක්වා දිවයිනට පැමිණි අතර සංචාරය නිමකළ සංචාරකයින් 202 දෙනෙකු අද (07) යළි යුක්‍රේනය බලා පිටව ගියේය.

සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙල හරහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුනොවන බව ද ගුවන්තොටුපළ විවෘත කිරීමට ගත් තීරණය හදිසියේ ගත් තීරණයක් නොවන බවත් කුමන අභියෝග මධ්‍යයේ වුවද ලබන 21 වනදා සිට ගුවන් තොටුපළ විවෘත කරන අතර ඒ සඳහා මේ වනවිට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.