දකුණු ආසියාවේ විශාලතම මත්පෙති තොගය ලංකාවෙන්

දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති විශාලතම මත්පෙති තොගය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සිය භාරයට ගෙන ඇත.

මධ්‍යම තැපැල් හුවමාරුව ට ලැබී තිබූ පාර්සල් කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව විසින් කරතිබූ විමර්ශනයක දී, මෙම මත්පෙති තොගය හමු වී ඇත.

18,000කින් යුතු මෙම මත්පෙති තොගය බෙල්ජියමේ සිට මෙරටට ගෙනවිත් ඇති අතර කිලෝ 09ක බරකින් යුක්ත වේ. මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි 13.5ක් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මේ සමගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හුවමාරු කිරීමට තැත් කළ මත් කොළ තොගයක් ද රේගුව විසින් සොයාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.