කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යෑමත් සමග ජපානයේ අගනුවර වන ටෝකියෝ නගරයට සහ ඊට ආසන්න කලාප 3ක් සඳහා හදිසි තත්ත්වයක් ජපාන අගමැති යෝශිහිඩේ සුගා විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව හෙට (08) සිට පෙබරවාරි 02 වැනිදා දක්වා ටෝකියෝ සහ චිබා, සයිටාමා සහ කනගාවා යන කලාප සඳහා හදිසි තත්ත්වය බල පැවැත්වේ.
ජපානයෙන් මෙතෙක් වාර්තා වී ඇති වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ (06) වාර්තා වූ අතර ඊයේ එරටින් ආසාදිතයින් 5,953ක් සහ මරණ 72ක් වාර්තා වී තිබේ. ඒ කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු එරටින් වාර්තා වූ ඉහළ ම දෛනික ආසාදිතයින් ගණන ලෙස සඳහන් වේ.