භූමදානය හා ආදාහනය යන දෙකටම යෝග්‍ය බව පසුගියදා විවිධ අංශ නිර්දේශ කලද කොරෝනා දේහයන් ආදාහනය කිරීම රජය විසින් සිදු කරනු ඇත.
කොවිඩ්-19 වැළඳී මියයන සියලු දෙනාගේම මළසිරුරු ආදාහනය පමණක් කළ යුතු බවට ඒ සඳහා පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
අමාත්‍යංශ යෝජනා ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ඇමැතිනිය මේ බව පැවසූවාය. ඒ අනුව ඉදිරියටත් කොවිඩ් 19 මරණ භූමදානය සිදුනොකර ආදාහනය පමණක් සිදුකිරීමට රජය කටයුතු කරන බව ඇමැතිවරිය කියා සිටියාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය පැවසුවේ මෙම උප කමිටුවට වෛරස් විද්‍යා වෙශේෂවේදීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන්, ක්ෂුද්රජීව විද්යාඅංශ ප්‍රධානීන්, වසංගත රෝග විද්‍යා ප්‍රධානීන් ඇතුළු විද්වත් මණ්ඩලයකින් සමන්විත බවයි.
මෙම කමිටුව අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ වෙත භාර දී තිබේ අතර උප කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව විශේෂ කමිටුව සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.