ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කොන්ග්‍රසට කඩාපනී

අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුලුවී එහි පාලනය සියතට ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කටයුතු කර තිබේ. ගැටුම පාලනයට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරද එල්ලකර ඇති අතර එහිදී එක් විරෝධතාකරුවෙක් මියගොස් තිබේ. මේ අතර අමෙරිකාවේ උද්ගතව අති තත්ත්වය පිළිබඳ තමන් දැඩි අවධානයෙන් පසුවන බව ලෝක නායකයින්ද පවසා තිබේ

අමෙරිකානු මීළග ජනාධිපතිවරයා ලෙසින් ජෝ බයිඩ්න් ලබන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතය. එම උත්සවය පැවැත්වෙන්නේද කැපිටල් ගොඩනැගිල්ලේ වීම විශේෂත්වයකි. ට්‍රම්පට් අවධාරණය කරන්නේ සිය පරාජය පසුපසු මහා පරිමාණ මැතිවරණ වංචාවක් සිදුවී ඇති බවය. ඊට එරෙහිව පෙළගැසෙන ලෙස ඔහු සිය ආධාකරුවන්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.

කෙසේවෙතත් මේවන විට ජනාධිපති ට්‍රම්ප්ගේ ට්විටර් සහ ෆේස්බුක් ගිණුම් තාවකාලිකව අවහිර කිරීමට එම ආයතනය පියවර ගෙන තිබුණි. ජනාධිපතිවරයා ජනතාව නොමඟ යන ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් ඔවුන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ඇතුලුවී ඊට දැඩි අලාභහානි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

අවිගත් විරෝධතාකරුවන් එලෙස කැපිටල් ගොඩනැගිල්ලට ඇතුලුවී එහි දේපළවලට හානිකර තිබුණි. අදාළ තත්ත්වය වාර්තා වී ඇත්තේ ගොඩනැගිල්ල සමීපයේ ජනාධිපති ට්‍රම්ප්ට සහයෝගය දක්මින් පැවැති විරෝධතාවක් අතරතුරදී ය. විරෝධතාව සංවිධානය වී තිබුණේ තේරීපත්වූ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ජයග්‍රාහී ප්‍රතිඵලය තහවුරු කිරීමේ විවාදය අතරතුරදී ය.

එහිදී ද ජනාධිපතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලක්කිරීමට රිපබ්ලිකන් නීති සම්පාදකයින් අසාර්ථක උත්සාහයක් දරා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මැතිවරණ පරාජය පිළිගෙන සාමාකාමීව බලය හුවමාරු කිරීමට ජනාධිපති ට්‍රම්ප් අකමැත්ත පළකිරීම හමුවේ රටපුරා මෙසේ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.