අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්න

අද දිනයේදී ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

අද (07) දිනයේ උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.

සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

මහනුවර දිස්ත්‍රික්කයට ඊයේ තද වැසි ඇද හැලීම නිසා අකුරණහි හදිසි ගංවතුර තත්ත්වයක් වාර්තා විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පැවසුවේ ගංවතුර හේතුවෙන් අකුරණ ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතු අඩාල වී ඇති බවය.

කඳුකරයේ වෙසෙන පදිංචිකරුවන්ට නායයෑම් සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන ලෙස ඉල්ලා සිටින බව ද ප්‍රදීප් කොඩිපිලි මහතා පැවසීය. මෙම ප්‍රදේශවල ජනතාවට බිත්තිවල ඉරිතැලීම් හෝ ඉරිතැලීම් ඇතිවිය හැකි ස්ථාන නිරීක්ෂණය කිරීමට උපදෙස් දී ඇත. ආධාර සඳහා මහජනතාවට 117 ඇමතීම සිදු කල හැකිය.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.