පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා ව්‍යාජ තොරතුරු ලබාදී පොලීසිය නොමග යැවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයා දෙහිවල කල්දේරා පාර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක් වන අතර ඔහු දීර්ඝ කාලයක් අමෙරිකාවේ සහ ඉරානයේ පදිංචිව සිට මෙරටට පැමිණ සිටින ලාංකිකයෙකි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පෙරේදා (5) දිනයේ අදාළ පුද්ගලයා විසින් එම අංකය අමතා ලබාදී තිබූ තොරතුර ව්‍යාජ එකක් බවත් ඔහු විසින් පොලීසිය නොමග යැවීමේ චේතනාවෙන් එම තොරතුර ලබාදී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලින් අනාවරණය වී ඇත.