ශ්රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ක්රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වන මොයීන් අලි කොවිඩ් ආසාදිතයෙකු ලෙස සඳුදා හඳුනාගැනීමෙන් පසුගියදා එංගලන්ත ක්රිකට් කණ්ඩායම දෙවන වරටත් PCR පරීක්ෂණ සඳහා යොමු කළේය.
එම සිද්ධියෙන් පසුව හම්බන්තොටදී එංගලන්ත ක්රිකට් කණ්ඩායම මෙලෙස නැවතවරක් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
එම ප්රතිඵල අනුව අනෙක් කිසිදු ක්රීඩකයෙක් ආසාදිත නොවන බවට වාර්තා වේ.
ඒ අනුව, ඔවුන්ට පුහුණුවීම් කටයුතු ඇරඹීමට අවසර දී ඇති අතර තෙවැනි වරටත් ඔවුන්ව හෙට (07) PCR පරීක්ෂණයක යොමුකිරීමට නියමිතය.