රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ පළාත් සභා මැතිවරණය නොපවත්වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මේ කොවිඩ් තත්ත්වය තුළදි මැතිවරණයක් තියන්න බෑ. මැතිවරණයක් තියන්න පරිසරයක් නෑ. ලංකාවේ තියෙන්නේ මැතිවරණ ක්‍රම 3ක්. පාර්ලිමේන්තු ඡන්දෙ තියෙන විදිහට නෙමෙයි පළාත් සභා ඡන්දෙ තියෙන්නේ. පළාත් සභා ඡන්දෙ තියෙන විදිහට නෙමෙයි පළාත් පාලන ආයතන ඡන්දෙ තියෙන්නේ. මේක හොඳ විකෘතියක්.” යනුවෙන් ඔහු සදහන් කළේය.
නව මැතිවරණ ක්‍රමයක් ඔස්සේ ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.