ලෝක සෞඛ්‍ය සංවිධානයට චීනයෙන් බාධා

 

කොවිඩ් 19 වෛරසයේ ඇතිවුයේ කෙසේද යන්න  සොයා බලන ජාත්‍යන්තර පරීක්ෂණය සඳහා චීනය මෙතෙක් අවසර ලාබා දී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි .

ප්‍රමුඛ පෙළ ජාත්‍යන්තර විශේෂඥයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම විමර්ශන මෙහෙයුම සඳහා මෙම මස මුලදී චීනයට පිටත්ව යාමට සූදානමින් සිටිඅතර  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ප්‍රකාශ කළේ චීනය ඒ සඳහා අවසරය ලබා නොදීම පිළිබඳව දැඩි කලකිරීමට පත්ව සිටින බවයි.

මෙම විමර්ශනය සඳහා නායකත්වය ලබා දෙන්නේ ලෝ ක සෞඛ්‍ය සංවිධානයේ සත්ත්ව රෝග පිළිබඳ ප්‍රධාන විශේෂඥ පීටර් බෙන් ය.

එසේම  චීන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සකාච්ඡා කළ බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් පැවසීය.

එහිදි වෛරසයේ ආරම්භය සොයා බලන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශනයට ප්‍රමුඛ තැන දිය යුතු බවට තමා අවධාරණය කළ බව ද සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේ ය.

කොරෝනා වෛරසය හමුවූ බවට සැලකෙන ස්ථාන පිළිබඳව පර්යේෂණ පැවැත්වීම සඳහා අවසර ලබාගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් පසුගිය කාලයේදී  චීන බලධාරීන් සමග අදහස් හුවමාරු කරගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.