කොවිඩ් මරණ ගණන් ඉහළට

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 219ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිටි කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු කර යවා ඇති අතර එම රෝහලේදී අද (06) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, වකුගඩු ආසාදනය සහ කොවිඩ් නියුමෝනියාවයි.

අලව්ව ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිටි කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු නාරම්මල දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී අද (06) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග උග්‍ර දියවැඩියාව, හෘදයේ අක්‍රීයවීම සහ උග්‍ර ශ්වසන පද්ධතියේ ආසාදනයයි.

අද (06) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 269ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 521ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.