ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක “පක්ෂි උණ” පැතිරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දින කිහිපයේදී ඉන්දීය ප්‍රාන්ත කිහිපයක පක්ෂීන් මැරී වැටී හමුවී ඇති අතර එම පක්ෂීන් පරීක්ෂා කිරීමේදී H5N8 වෛරස් ප්‍රභේදය හමුවී තිබේ.
ඒ හේතුවෙන් ගොවිපළ කුරුළු වර්ගවල ගහණය අඩුකිරීමට ඉන්දීය බලධාරීන් නියෝග නිකුත්කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
ඒ හේතුවෙන් “කුරුලු උණ” පැතිරයාම වැළැක්වීම සඳහා ප්‍රාන්ත බලධාරීන් කටයුතු කළ යුතු බව මධ්‍යම රජය දන්වා ඇත.
කුරුලු උණ ඇතිකරන සමහර වෛරස් ප්‍රභේද මිනිසුන්ට රෝග ඇතිනොකළ ද මැරුණු සහ රෝගී පක්ෂීන් ඇල්ලීමෙන් වළකින ලෙස ජනතාවට දැනුම්දී තිබේ.