පසුගිය වසරේ මුව ආවරණ ටොන් 5000ක් මුහුදට

අශන්ති වරුනසුරිය

කොරෝනා වසංගතයත් සමඟ මුව ආවරණ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වී තිබේ. භාවිත කළ මුහුණු ආවරණ දහස් ගණනක් දිනපතා ඉවත දැමෙන අතර ඊට නිසි වැඩ පිළිවෙලක් තවමත් නැත. මුව ආවරණ ටොන් 5000ක් පසුගිය වසරේ මුහුදට එකතු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

ඒ තුළින් පරිසරයට එකතු වන දිරා නොයන අපද්‍රව්‍ය ප්‍රමාණය කිහිප ගුණයකින්ම ඉහළ ගොස් ඇති බවයි පරිසරවේදීන් පවසයි.

මෙහි වඩාත් භයානකම තත්ත්වය වන්නේ මුහුණු ආවරණ ටොන් ගණනින් මුහුදට එකතු වීමය. ඒ තුළින් මසුන්ට හානි විය හැකි අතර වෙරළ දූෂණය ද සිදු වන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.

ඉවත ලන මුව ආවරණ දහනය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.