ස්වර්ණමහල් හා ඊ.ටී.අයි. ආයතනවල අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරන ලද ජීවක එදිරිසිංහල, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.
ඔවුන් ඊයේ දිනයේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරනු ලැබීය.
නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ නීති විරෝධී ලෙස රුපියල් බිලියන 08 ක පමණ මුදලක් තැන්පතු ලෙස ලබා ගැනීම සහ මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේය.