තිදරු මවට අතවර කළ මන්ත්‍රී රිමාන්ඩ්

කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.

අතවරය සිදුකළ බව කියන 46 හැවිරිදි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇයගේ ඥාතියෙකු බවත් අනාවරණය වී ඇත.

27 හැවිරිදි තිදරු මවක් ඊයේ(05) පස්වරුවේ යක්කලමුල්ල පොලිස් වසමේ නාකියාදෙණිය බටකැටිය ප්‍රදේශයේදී මෙලෙස අතවරයට ලක්වී තිබූ අතර අදාළ තැනැත්තිය වැන්දඹු කාන්තාවකි.

ඉදිරි විමර්ශන යක්කලමුල්ල පොලීසිය විසින් සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.