නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට රජය අදහස් කරයි. සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදීයී පැවැත්වූ සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පෙන්වා දෙන ලද්දේ වෛරසයේ අවධානම වැඩි බස්නාහිර පළාත හැර පිට පළාත් වල පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමේ හැකියාවක් ඇති බවත්, බස්නාහිර පළාත ඇතුලුව හුදකලා කර ඇති ප්‍රදේශ වල ළමුන් කිසිදු ආකාරයකින් ක්‍රීඩා තරඟ සදහා සම්බන්ධ නොකර ගතයුතු බවත්ය.
කිසියම් හෝ අයුරකින් එවැනි අවධානම් ප්‍රදේශවල දරුවන් ක්‍රීඩා තරඟ වලට එක් වුවහොත් වෛරසය ව්‍යාප්තියක් සිදු විය හැකි බව ද පෙන්වා දී ඇත. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් මළල ක්‍රිඩා පැවැත්වීමේ ඇති හැකියාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා වූ අතර, කණ්ඩායම් ක්‍රීඩා, පාසල් බිග් මැච් තරගාවලි පැවැත්වීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා වී තිබේ .
සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දෙන ලද්දේ වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් තොරව ක්‍රීඩා තරග පැවැත්වීම කාලෝචිත බවය.
රෝගී ලක්ෂණ පෙන්නුම් කරන මෙන්ම රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් කිසිසේත් ක්‍රිඩා තරගවලට යොමු නොකළ යුතු බවත්, දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති මාර්ගෝපදේශ ද අවශ්‍යවන පරිදි යාවත්කාලීන කරමින් ක්රමාණුකූලව පාසල් ක්‍රීඩා තරඟ ආරම්භය කෙරෙහි අවධානය යොමු වීමේ ඇති වැදගත්කම ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දෙන ලදි.