චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය සහ චීන මහජන හමුදාවේ ප්රකාශනවලට අදාළ වාරණ නීති දැඩි කිරීමට තායිවානය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
දැනට පවතින නීතියට අනුව පොත්, චිත්‍රපට,ගීත ඇතුළු චීන ප්‍රකාශන පූර්ව අවසරයක් සහිතව තායිවානය තුළට රැගෙනවිත් බෙදාහැරිය හැකි නමුත් එම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බැවින් එය දැඩි කිරීමට අදාළව සංශෝධන ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව තායිවාන සංස්කෘතික අමාත්‍ය ලී යුං ප්‍රකාශ කර ඇත.
මෙම නීති සංශෝධනය සූදානමට චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති අතර එය දෙපාර්ශවය අතර උණුසුම්කාරී වාතාවරණයක් ඇති කිරීමට හේතුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.