කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුනු බෞද්ධ දහම් පාසල් රජයේ පාසල් විවෘත කරන ජනවාරි 11 වන දිනෙන් පසු එළඹෙන ඉරිදා දින එනම් ජනවාරි 17වනදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.
කෙසේ වෙතත් හුදෙකලා කළ ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.