අශන්ති වරුනසුරිය
Covid-19 වයිරසය ආසාදනය වුන සෞඛ්‍ය සේවකයකු ඉකුත්දා මියගොස් ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.
මෙම සෞඛ්‍ය සේවකයා ඇඳ වැටීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එහිදී මොලයේ ඇති වූ ලේ ගැලීමක් හේතුවෙන් මියගිය බව සඳහන් වන අතර මියගිය පසු ඔහුට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් අනතුරුව කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
රත්නපුර සේවය කරන මියගිය සෞඛ්‍ය සේවකයා හෝමාගම රෝහලේදී මිය ගොස් ඇති බවත් සෞඛ්‍ය අංශයේ කොවිඩ් ආසාදනය හේතුවෙන් මියගිය පළමු වැන්නා ඔහු බවත් මන්ත්‍රීවරයා පැවසීය.