බස්නාහිර පළාත තුළ පමණක් ඊයේ (05) දිනයේදී මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1060 පමණ පරීක්ෂාවට ලක් කර ඉන් 550ක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ද තවත් 510 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. අද දිනයේද බස්නාහිර පළාත සහ අනෙකුත් පළාත් ආශ්‍රිතව මෙම මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඔවුන්ට නිරෝධායන නීති යටතේ කටයුතු කිරීමට අමතරව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණද සිදු කිරීමට නියමිතය.
බස්නාහිර පළාත තුළ පමණක් ඊයේ (05) දිනයේදී මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1060 පමණ පරීක්ෂාවට ලක් කර ඉන් 550ක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ද තවත් 510 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.
එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් 14 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති අතර PCR පරීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැත.
මුඛ ආවරණ නොපැළදීම සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ඊයේ බස්නාහිර පළාතට අමතරව දිවයිනේ අනෙකුත් පළාත්වලදී සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් ඔක්තෝබර් 30 වනදා සිට එම වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති සමස්ත සංඛ්‍යාව 2253කි.