ලංකා චින සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයෙන් සෞඛ්‍ය ආරක්ෂන උපකරණ

ශ්‍රී ලංකා චින සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මගින් පාසල් සිසුන්, ගුරුවරුන් හා සෞඛ්‍ය අංශවල ප්‍රයෝජනය සඳහා විෂබීජ හරණ කාරක විදින උපකරණස්වයංක්‍රීය අත් සෝදන යන්ත්‍රවිෂබීජ හරණකාරක දියරශරීර ආරක්ෂණ ඇඳුම් කට්ටල හා මුහුණු ආවරණ පරිත්‍යාග කිරිම පසුගියදා කොළඹ විහාර මහාදේවි බාලිකා විද්‍යාලයේදි සිදුකෙරිණි.

මෙහිදි පාසල් 40 කට, රෝහල් දෙකකට හා  කොළඹ නාගරික මහජන සෞඛ්‍ය අංශයට කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ, පළමු වැඩසටහන යටතේ බෙදා දෙන ලදි.

විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහාවන චීන ජනතා සංගමය (Chinese People’s Association for Friendship with Foreign Countries)සාමය හා සංවර්ධනය සඳහා වන චීන මිත්‍රත්ව පදනම(China Friendship Foundation for Peace and Development)කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ලබාගැනිම සඳහා සහය ලබා දී තිබේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සමූපකාර සේවාඅලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.එස් රුවන්චන්ද්‍රබස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේන්ද්‍ර විජේතුංග, ශ්‍රී ලංකා චින සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති ඉන්ද්‍රනන්ද අබේසේකරයන මහත්වරුන් හා පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන් ඇතුළු නිලධාරින් එක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.