දෙවන ටෙස්ට් තරගයෙන් කඩුළු 10 ක ජයක් ලබා ගනිමින් ලංකාව සමග පැවැති ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලැබීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අද සමත් විය.
දකුණු අපි‍්‍රකාවට හිමිවූ ලකුණු 67 ක ඉලක්කය කිසිඳු කඩුල්ලක් නොදැවී ඔවුන් පසුකර අතර ශ්‍රී ලංකා දෙවන ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරු වෙමින් නායක දිමුත් කරුණාරත්න, සිය දසවන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 103 ක් රැස් කළේය.
ඔහු දකුණු අපි‍්‍රකාවේදී ටෙස්ට් ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා නායකයා වන අතර එමෙන්ම දකුණු අපි‍්‍රකාවේදී ටෙස්ට් ශතකයක් වාර්තා කළ සිව්වන ආසියානු පිතිකරුවා ලෙස ද දිමුත් කරුණාරත්න වාර්තා අතරට එක්විය.
තරගයේ පළමු ඉනිමට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 157 ට පිළිතුරු ලෙස දකුණු අපි‍්‍රකාව ලකුණු 302 ක් රැස් කල අතර ශ්‍රී ලංකා පිළට දෙවන ඉනිමේදී රැස්කර ගත හැකි වූයේ ලකුණු 211කි.