PayPal පහසුකම ලබා ගැනීමට සාකච්චා

ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල නුදුරේ දී බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

“පෙර දැක්ම 2021“ ‘2021 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති‘ ඉදිරිපත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා,

‘නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් 2020 වසරේ දී ගෙවීම් හා පියවීම් අංශයෙහි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මත කිරීමට හැකිවිය. නියාමන රාමුව ශක්තිමත් කිරීම, ගනුදෙනුකරුවන්ගේ අරමුදල් සහ තොරතුරුවල ආරක්ෂාව සහතික කිරීම සහ ගෙවීම් හි පියවීම්වල පද්ධතීන්වල කාර්යක්ෂමතාව සහතික කිරීම සහ ගෙවීම් හා පියවීම්වල පද්ධතීන්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යනාදිය විශේෂ අවධානයක් යොමු වූ අංශ විය.

ඒ අනුව නව ව්‍යාපෘති දියත් කිරීම් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය වේදිකාවක් සපයමින් මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශය (Fintech Regulatory Sandbox) ස්ථාපිත කරන ලදී. එසේම, බලපත්‍රලාභී වාණිජ බැංකු හා සහයෝගයෙන් යුතුව බ්ලොක්චේන් තාක්ෂණය (Blockchain Technology) පදනම් කරගත් ගනුදෙනුකරු හඳුනාගැනීමේ (Know-Your-Customer- KYC) ක්‍රියාවලිය ද ඒ සඳහා උනන්දුවක් දක්වන දායකයින් තිදෙනෙකු විසින් වැඩිදියුණු කරන ලද අතර, එය දැනට පරීක්ෂණ මට්ටමේ පවතී.

මීට අමතරව, ප්‍රාග්ධන ප්‍රවාහයන් ආකර්ෂණය කර ගැනීමට හා රටවල් අතර සිදුවන වෙළෙඳාමට පහසුකම් සැලසෙන පරිදි ඊ වාණිජ්‍ය සක්‍රීය කර ගැනීමට හැකිවන පරිදි වෙනත් ආකාර ගෙවීම් යාන්ත්‍රණයක් වැඩිදියුණු කිරීමට හා ප්‍රවර්ධන කිරීමට ඇති හැකියාව ද මහ බැංකුව ක්‍රියාකාරීව සොයා බලමින් සිටියි. ශ්‍රී ලංකාව තුළ විවෘත බැංකුකරණයක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව විමර්ශනය කෙරෙමින් පවතී.

ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල අපි නුදුරු අනාගතයේ දී බලාපොරොත්තු වෙමු. අනාගත ගෝලීය මූල්‍ය තාක්ෂණය අත්‍යවශයෙන්ම ඩිජිටල්කරණය වූවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඩිජිටල් මුදල් (Digital currencies) පිළිබඳ දේශීය හා විදේශීය පාර්ශවකරුවන් සමඟ තම විචාරණය, පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය තුළින් සහ දීර්ඝ කාලීන දෘෂ්ටි කෝණයකින් තවදුරටත් සිදුකෙරෙනු ඇත.’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.