මහවැලි සී සහ බී කලාප වාරි ජලයෙන් පෝෂණය කරන ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම අධික වර්ෂාව හේතුවෙන් සිග්‍රයෙන් ඉහළ යාම නිසා එහි වාන් දොරටු 7ක් ඊයේ 04 රාත්‍රියේ සිට මේ දක්වා විවෘත කර තිබේ.
මූදූ මට්ටමේ සිට මීටර 106.50 ඉක්මවූ පසු වාන් දැමිම සිදු කරයි. ජලාශයේ වාන් දොරටු හතක් තිබේ. වාන් දොරටු හයක් අගල් 04 බැගින් සහ එක් දොරටුවක් අගල් 12 බැගින් ජලය මූදාහැරීම සිදුකරන අතර ජලය මුදාහැරීමේ වේගය තත්පරයට ගණමීටර් 30කි.
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශයේ ඉහළ ජල පෝෂිත ප්‍රදේශවලට ලැබෙන වර්ෂා ජලය ජලාශයට එකතුවීම නිසා වාන් දොරටු විවෘත කර වාන් දොරටු වලින් පිට කරන ජලය උල්හිටිය ඔයට මුදාහැරීම හේතුවෙන් රත්කිද හොබරියාව ප්‍රධාන මාර්ගය හරහා උල්හිටිය ඔයට දමා ඇති පාලම යටවී මෙන් ගම්මාන කිහිපයක ගමනාගමනය අඩාවී තිබේ.
අද දිනයේ දී සහ ඉදිරි සති දෙක ඇතුළත දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තරමක තද සුළං පැවතියද ධීවර කටයුතුවලට බාධාවක් නැති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.