ගුවන්තොටුපොළ සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට පියවර

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ලබන 21වනදා සිට නිල වශයෙන් ගුවන් තොටුපළ හා සංචාරකයින්ට රට විවෘත කිරීම සිදුකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එමෙන්ම මේ වන විට කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 30කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිති.

සංචාරකයින්ට රට විවෘත කිරිමේ වැඩපිළිවෙල පිළිබදව පැහැදිළි කිරීම සඳහා අද (05) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මාස 10කට පසුව කටුනායක හා මත්තල ගුවන්තොටුපොළ වාණිජ ගුවන් ගමන් සඳහා මෙලෙස විවෘත කිරීම සිදුවන අතර ජනවාරි මස 23වන දින පමණ වනවිට වාණිජ ගුවන් ගමන් ක්‍රමානුකූලව යථාතත්වයට පත්වනු ඇති බවත් ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු සංචාරකයින් ගෙන්වන ආයතන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව කටයුතු කළ යුතු අතර ඒවා උල්ලංඝනය කරන ආයතන වලට සංචාරකයින් ගෙන්වීම සඳහා අවස්ථාව ලබානොදෙන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

මාර්තු 19 වැනිදා ගුවන්තොටුපොළ වැහුවා. එදා ඉඳන් මේ මාස 10 දක්වා සංචාරකයෝ පැමිණීමක් සිදුවුණේ නෑ. මේ සංචාරක කර්මාන්තය යළි ආරම්භ කරන්න අපි ගිය ජූනි මාසේ සිට විවිධ සැලසුම් හැදුවා. මේ වෙලාව හොඳ ඉල්ලුමක් තියෙන අවස්ථාවක්. මේක කඩිනමින් ක්‍රියාත්මක කරන්න හොඳම අවස්ථාව මේ වෙලාවයි. ඒ අනුව අපි බලාපොරොත්තුවෙනවා ජනවාරි මාසේ 21 වෙනිදා සිට කියලා අපි කියන්නේ, 23 වෙනිදා වෙනකොට සම්පූර්ණ ගුවන්තොටුපොළ සංචාරකයින්ට විවෘත කරන්න. දැන් හඳුනාගත් මූලික ගැටලු විසඳාගෙන අපි ඒ සඳහා සූදානම් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.