කොවිඩ් ව්‍යාප්තිය අතරේ ළමා හිංසන පැමිණිලි 6000ක්

ගත වූ 2020 වසරෙහි ළමා අපයෝජන හා හිංසන සම්බන්ධව පැමිණිලි හයදහස්හැටතුනක් (6063) ලැබී ඇති බව ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.

වැඩිපුර පැමිණිලි ලැබී ඇත්තේ කොළඹ, ගම්පහ, කුරුණෑගල ප්‍රදේශවලින් බවද ඔහු පැවසිය. මෙම පැමිණිලිවලින් බහුතරයක් චෝදනා එල්ලවී ඇත්තේ පියා, මව සහ ගුරුවරුන්ටය.

එමෙන්ම විවිධ අපයෝජනයට ලක් වූ බව කියන දරුවන් 552 දෙදෙනකු පාසල් නොයන බවද අනාවරණය වෙයි.
ගත වූ වසරේ මෙවැනි පැමිණිලි 3900ක් පරීක්ෂණ අවසන් කර පැමිණිලි 303ක් චෝදනා ගොනු කොට අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි මහාචාර්ය මුදිතා විදානපතිරණ කියා සිටී.

පැමිණිලිවලින් දෙදහසක් පමණ මේවනවිට විමර්ශන වෙමින් පවතින අතර ප්‍රතිශතයක් ලෙස ගත් කළ එම ප්‍රමාණය සියයට 30%ක් පමණ වේ. මේ අයුරින් හිංසනයට අපයෝජනයට ලක් වූ දරුවන්ගෙන් 396 දෙනකු එම පවුල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.