මාතලේදී හමු වූ මෙරටට අවේනික කොටියා වස දී ඝාතනය කරයි

ඉන්දික ශ්‍රී අරවින්ද

මාතලේ,ඕවල ප්‍රදේශයේදී කුඩා ස්වයංක්‍රිය විදුලි බලාගාරයක ජලාශයේ තිබී සොයාගත් ලංකාවට අවේනික Panthera pardus හෙවත් කළු කොටියා (Leopard) කිසියම් අයෙකු විසින් වසදී ඝාතනය කර ජලාශයට දමා ඇති බවට සිදු කල මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම විදුලි බලාගාරයේ සේවකයින් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු විසින් කළු කොටියාගේ දත් ගැලවීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙනඅධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි කොන්දේසි යටතේ ඇප මත නිදහස් කර ඇත.

මාතලේ දිස්ත්‍රිකය තුළ සිදු වූ දෙවැනි Panthera pardus හෙවත් කළු කොටි (Leopard) ඝාතනය මෙය බව සැලකෙයි. මේ සම්බන්දව කල විමසීමකදී වනජීවී දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇති අතර දැනට සිදුකරගෙන ඇති විමර්ශණයට අදාලව තහවුරු වී ඇත්තේ මෙම කොටියාව ඝාතනය කර ඇති බවයි.

මෙම Panthera pardus හෙවත් කළු කොටි (Leopard) විශේෂය ලංකාවට අවේනික විශේෂයක් වන අතර පසුගිය කාලය පුරාවට මිනිසුන් විසින් මොවුන්ගේ ඝාතන කිහිපයක්ම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වන බව වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසිය. ස්වභාව සෞන්දර්‍යයේ සුවිශේෂී තිලිණයක් ලෙස වූ මේ සත්ත්ව කොට්ඨාසය සතු දැකුම්කළු වර්ණයත් අනන්‍ය වූ ප්‍රෞඩ පෙනුමත් එයට හේතු සාධක ලෙස සැලකිය හැකියි.

ලෝකයේ Panthera ගණයට අයත් වන ප්‍රධාන විශේෂ පහ අතුරෙන් Panthera pardus හෙවත් කොටියා (Leopard) යන විශේෂයට මෙම කළු පැහැ කොටියන් ද ඇතුලත් වේ. සමහර ස්ථානවල Leopard යන වචනය දිවියා ලෙස අර්ථකතනය කලද නිවැරදි වන්නේ “කොටියා” යන නාමයයි… දිවියන් යනු කුඩා කැලෑ බලලුන්ගේ පවුල ආමන්ත්‍රණය සඳහා යොදන නාමයකි (උදා – හඳුන් දිවියා, කොළ දිවියා)

දශක ගණනකට පෙර ශ්‍රි ලංකාවෙන් වඳවී ගොස් ඇතැයි සැලකූ මෙම කළු පැහැ කොටියන්ගේ ජීවමාන සාධක නැවත වාර්ථා වූ අතර මේ අලංකාර සතුන් අවස්ථා කීපයකදීම අවාසනාවන්ත අයුරින් දඩයම්කරුවන්ගේ උගුල්වලට හසුවී මියයාමේ සිදුවීම් ද වාර්ථා විය.

මෙලෙස හසුවන කළු කොටියන්ගේ ප්‍රමාණයත් හා දඩයක්කරුවන්ගේ ක්‍රියා කලාපයත් සැලකීමේදී ශ්‍රී ලංකාව තුල මෙම ශ්‍රී ලංකා කළු පැහැ කොටියන්ගේ ගහණය සීග්‍ර ලෙස පහත වැටීමට හේතු විය හැක. දත් සහ සම් පිනිස මෙම සතුන් ඝාතනය කිරීමත් වෙනත් සතුන් සඳහා ඇටවු උගුල් වලට හසු වී මියයෑමත් නිසා රටට අහිමි වන මෙම සත්ත්වයන් රැකගැනීම අපගේ යුතුකමක් නොවන්නේද?

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.