චීනයෙන් ගෙන්වූ විෂ රසායනික පොහොර ගොවීන්ට දීලා

ඉන්දික ශ්‍රී අරවින්ද

2018 සහ 2019 යන වසරවලදී චීනයෙන් සහ ඩුබායිවලින් මෙරටට ආනයනය කළ කෘෂි රසායනික පොහොර මෙට්ට්‍රික් ටොන් 3575 ක මෙරට පසට අහිතකර ආසනික් සහ ලෙග් නමැති රසායනිකය ප්‍රමිතියට අනුකුල නොවන ලෙස එම පොහොර තොගයේ අන්තර්ගතව ඇති බවට රසායනාගාර පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව පොහොර මහලේකම් කාර්යාලය පවසයි.

රජය විසින් සහනාධාර ලෙස ගොවින් අතර නොමිලේ ලබා දීම සඳහා මෙම පොහොර තොගය මෙරටට ආනයනය කර ඇත.මෙහිදී චීනයෙන් පොහොර මෙට්ට්‍රික් ටොන් 3025 ක්ද,ඩුබායිවලින් මෙට්ට්‍රික් ටොන් 550 ක්ද වශයෙන් අවස්ථා හයකදී මෙම විෂ රසායනික පොහොර මෙරටට ආනයනය කර තිබේ.

මෙම පොහොර තොගයේ පසට අහිතකර ආසනික් සහ ලෙග් නමැති රසායනිකය ප්‍රමාණයට වඩා අඩංගු වී ඇති බවට තහවුරු කරමින් රසායනාගාර පරීක්ෂණ වාර්තාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ලැබී ඇත්තේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය.

ඒ වන විටත් එම පොහොර තොගය ගොවි ජනතාව අතර බෙදා දී අවසන්ව පැවති අතර එම පොහොර තොගය නැවත හරවා යැවීමට පවා නොහැකි වුයේ පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ බලපෑම මත මෙම පොහොර තොගය රසායනාගාර පරීක්ෂණ වාර්තාව ලැබීමට පෙර ගොවින් අතර කඩිමුඩියේ බෙදා දීමට කටයුතු කිරීම නිසාය.

වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ ප්‍රමාණයට වඩා ආසනික් සහ ලෙග් නමැති රසායනිකය පොහොර මගින් පසට එකතු වීම මගින් කෘෂි බෝග හරහා ශරීරගත වීම නිසා පිළිකාව,වකුගඩු නරක්වීම,මොලේ ආබාධ,අක්ෂි ආබාධ යන රෝග ඇති වීමේ අවදානමක් පවතින බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොහොර මහලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ එම පොහොර තොගයේ පසට අහිතකර ලෙස බලපාන ආසනික් සහ ලෙග් නමැති රසායනිකය ප්‍රමාණයට වඩා එහි අඩංගු වී ඇති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය(SLSI) සහ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් සිදු කල රසායනාගාර පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වී ඇති බවයි.

මෙම පොහොර තොගය විදේශීය රසායනාගාර ව්‍යාජ ලේඛණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් මෙරට පෞද්ගලික සමාගම් 2 ක් විසින් ආනයනය කර ඇති බව ඔහු පවසයි. ඇතැම් අවස්ථාවලදී විදේශීය රසායනාගාර පරීක්ෂණ වාර්තා සහ මෙරට රසායනාගාර පරීක්ෂණ වාර්තා අතර පරස්පර තාවයක් ද ඇති වීමේ ඉඩකඩක් පවතින බවයි.

මෙයට පෙරදී එම රසායනාගාර පරීක්ෂණ වාර්තා සම්බන්ධ ලේඛණ හුවමාරුව අතින් සිදු කල අතර එහිදී වංචනික ක්‍රියා සිදු කිරීමේ සම්භාවිතාවය වැඩි බැවින් පසුගිය වසරේ ජනවාරියේ සිට එම සෑම රසායනාගාර පරීක්ෂණ වර්තාවක්ම විද්‍යුත් තැපෑල හරහා සිදු කිරීමට පියවර ගෙන ඇති බව පොහොර මහලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසිය.

පසට අහිතකර රසායනික අඩංගු පොහොර මෙරටට ආනයනය කිරීම සම්බන්ධව සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් ලිඛිතව එම සමාගම් වෙත දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.