කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගතවීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවැක්ස් ක්‍රියාවලියට ශ්‍රී ලංකාව දැනටමත් ඇතුළත් වී ඇත.
ඒ මගින් කොවිඩ් -19 එන්නත් මාත්‍රා ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇතුළත් GAVI සංවිධානය (Global Alliance for Vaccines and Immunization) විසින් තහවුරු කර ඇත.