මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ සැකකරු අත්අඩංගුවට

මාවනැල්ල පොලිස් වසමේ හිඟුල ප්‍රදේශයේදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තිබූ බුදු පිළිම වහන්සේ නමකගේ වීදුරු ආවරණයකට හානි සිදුකල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය අන්තවාදී හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

වයස අවුරුදු 30ක පමණ කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයකු විසින් මෙය සිදුකර ඇති බව විමර්ශන වලදී මාවනැල්ල පොලිසිය විසින් සොයාගෙන ඇත.

මේ පුද්ගලයා මීට පෙරද පූජනීය ස්ථාන ආශ්‍රිතව තිබු පිං කැට බිඳ මුදල් සොරාගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු වන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.