හමුදාව රාජ්‍ය ආයතන පවරා නොගන්නා බව ආරක්ෂක අමාත්‍යංශය අද තරයේ කියා සිටියේය. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවසුවේ රියදුරු බලපත්‍ර මුද්‍රණ ව්‍යාපෘතිය ද තාවකාලික පියවරක් පමණක් බවය.
මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ අනෙකුත් විධිවිධාන නොවෙනස්ව පවතින අතර හමුදාව සම්බන්ධ වන්නේ මුද්‍රණ ක්‍රියාවලියට පමණි, යනුවෙන් ඔහු පැවසීය.
මෙම පියවර රජය විසින් ඉදිරිපත් කරන ලද ස්ථිර පියවරක් නොවන බව ගුණරත්න මහතා නැවත අවධාරණය කළේය. හමුදාවේ මූලික කාර්යභාරය ඉටු කිරීමේදී වෙනත් කටයුතුවල යෙදී සිටින අතර එබැවින් ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට අපි ඔවුන්ව යොමු කරනවා යනුවෙන්ද ඔහු පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර ශාඛාවේ රියදුරු බලපත්‍ර මුද්‍රණය මෙතෙක් පෞද්ගලික ආයතනයක් මගින් සිදු කල අතර පසුගියදා රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් භාරගනු ලැබීය.
එමගින් රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වූ අතර මෙම නව තීරණය හේතුවෙන් වාර්ෂිකව විශාල ආදායමක් රජයට හිමිවනු ඇති බවයි වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේය.
එලෙස යුද හමුදාව යටතේ ආරම්භ කළ රියැදුරු බලපත්‍ර මුද්‍රණ වැඩසටහන යටතේ මුද්‍රිත බලපත්‍රය (1 වැනිදා) යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්රදානය කළේය. පෞද්ගලික සමාගමක් යටතේ මෙපමණ කාලයක් මුද්‍රණය කළ රියැදුරු බලපත්‍ර (1 වැනිදා) සිට මුද්‍රණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව විසිනි.