අලිබාබා නිර්මාතෘ ජැක් මා මාස කිහිපයක සිට අතුරුදන් වී ඇති බව Business Insider වාර්තා කරයි.
ඒඅනුව ඔවුන් පවසන්නේ මාස කිහිපයක සිට ඔහු සමාජයට පැමිණ නොසිටි බවය.
අලිබාබා නිර්මාතෘ ජැක් මා චීන රජය විසින් දැඩි ලෙස විවේචනය කර තිබිණි. චීන රජය විසින් ගෙන එනු ලැබූ ඇතැම් නීති රීති ඊට හේතු වී ඇත. කෙසේවෙතත් මේ හේතුවෙන් ඔහුගේ සමාගම්වල ආදායම ද බොහෝ සෙයින් පහත වැටී ඇති බව ද වාර්තා වේ.