මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් අද (05) උදෑසන 05.00 සිට එම ප්‍රදේශ හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මේ අතර අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.
ඊයේ (04) පස්වරුවේ සිට එම ප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.