කොවිඩ් මළසිරුරු භුමදානය කිරිම ගැන ස්ථාවරය ඉදිරියේදි

කොවිඩ් මළසිරුරු භුමදානය කිරිම  සම්බන්ධයෙන් රජය සිය ස්ථාවරය ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත කරුනාපේම  මහතා පැවසුවේ භුමදාන  කටයුතු සම්බන්ධව  තාක්ෂණික කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාර දිමට කටයුතු කළ බවය.

සෞඛ්‍ය ඇමතිවරිය  මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඉතා ඉක්මණින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

කොවිඩ්  වෛරසයට ගොදුරු වූවන්ගේ මළ සිරුරු බැහැර කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුව, භූමදානය හා ආදාහනය යන දෙකම නිර්දේශ කර ඇත.

මුස්ලිම් පුද්ගලයින්ගේ කොවිඩ් මළසිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් විරෝධය දැක්වීමෙන් පසුව මෙම ගැටළුව පිළිබඳ අධ්‍යනය  කිරීම සඳහා කමිටුව පත් කළේය.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.