පූජ්‍ය අතුරලිය රතන හිමියෝ හෙට (5) පාර්ලිමේන්තුවේදි මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි
පසුගිය මහ මැතිවරණයේදී අපේ ජන බල පක්ෂය විසින් දිනාගත් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු ආසනය සඳහා ගැසට් නිවේදනයකින් අතුරුලියේ රතන හිමියෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තෝරා පත් කරන ලදී.
2004 දී කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ප්‍රථම වරට තේරී පත් වූ රතන හිමි ජාතික හෙළ උරුමය ’’ නියෝජනය කරමින්, 2010 දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 7 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ, ගම්පහා දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.
2015 දී ජාතික ලැයිස්තු සාමාජිකයෙකු ලෙස 8 වන පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ රතන හිමි තේරි පත්විය.
.