මෙරට සංචාරයකට එක්වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක මොයින් අලිට කොවිඩ් -19 ආසාධනය වි ඇත.
එංගලන්ත කණ්ඩායම මත්තල ගුවන්තොටුපළින් ඊයේ මෙරටට පැමිණි අතර එහිදී ඔවුන්ව PCR පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.
එහි ප්‍රතිපල වලින් අනාවරණය වුයේ තුන් ඉරියව් ක්‍රිඩක මොයින් අලිට කොවිඩ් 19 වැළදි ඇති බවය.
මේ වන විට මොයින් අලි නිරෝධායනය කිරිමට බලධාරින් කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරඟය ජනවාරි 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අරම්භවීමට නියමිතයි.