අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව දින 3ක සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා හෙට (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම පැමිණීම දෙරටේ සහයෝගිතා වර්ධනය කරන බවය.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඉන්දීය අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවය.