අශන්ති වරුනසුරිය
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ මහා පරිමාණ වංචාවක් හෙළිකර ගැනීමට එම කාර්යාංශය සමත් වී ඇත. කාලයක් තිස්සේ සංවිධානාත්මකව මෙම වංචාව සිදුකර ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් වෘත්තිය සමිතියේ සාමාජිකයන් වන නිලධාරීන් පිරිසක් මෙලෙස අසු වී ඇත. මෙම වංචාවේ මහ මොලකරු වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකය හා අවසන් අනුමැති අංශයන් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙක් බව සදහන් වේ.
කාර්යාංශයේ සභාපතිවරයාට ලැබුණු පැමිණිලි පිළිබදව කාලයක් තිස්සේ රහසිගතව කරන ලද විමර්ශනයක ප්‍රතිඑලයක් ලෙස මෙම දැවැන්ත ජාවාරමට සම්බන්ධවුවන් කොටු කර ගැනිමට හැකිවිය. විදේශ රැකියා සදහා පිටත්වන්නේ නම් කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගත යුතු අතර මෙහිදි සිදු කර ඇත්තේ අදාල ලියාපදංචි වීම නොකර එක් රැකියා අපේක්ෂකයෙකුගෙන් රු. ලක්ෂය බැගින් ගෙන සංචාරක වීසා මගින් විදේශ ගත කිරිමය. මේ ආකාරයට දිනකට 50-100 අතර ප්‍රමාණයක් හොර රහසේ විදේශ ගත කර ඇති බවට දැනට කරන ලද පරික්ෂණවලදී හෙලි වී තිබේ. දිනපතා වංචනිකව ලැබෙන මුදල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී.පී වීරසේකර නැමැත්තාගේ කාමරයේදි බෙදාගෙන ඇත.
නව රජය බලයට පත්වු වහාම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් වෘත්තිය සමිතියේ ඉල්ලීම පරිදි මෙම වංචනික පිරිස ගුවන් තොටුපල ඒකකයට ස්ථාන මාරු ලබාගෙන ඇත. මෙහිදි වත්මන් සභාපතිවරයා රවටා මෙම පිරිස ස්ථාන මාරු කිරිමට අනුමැතිය ලබාගෙන ඇත්තේ එම වෘත්තිය සමිතියේ සභාපති හා ලේකම් විසිනි. පසුව සභාපතිවරයාට මේ සම්බන්ධව, විවිධ පාර්ශව හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් පැමිණිලි කර ඇත. වංචාව සොයා ගැනීමට සභාපතිවරයා සැලසුම් සහගතව ක්‍රියා කිරිම හේතුවෙන් සාක්ෂි සහිතව නිතියේ රැහැනට මෙම පිරිස කොටු කර ගැනිමට හැකි විය. මෙයට සම්බන්ධ කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ අනුමැති අංශයේ නිලධාරින් කිහිප දෙනකු කෙරේද විමර්ශන ආරම්භ කර ඇත.
ගුවන්තොටුපල ඒකකයේ කාර්යාංශ කවුලුවේ ඇති ගමන් බලපත්‍ර ඉලෙක්ට්‍රොනිකව කියවීමේ යන්ත්‍රයද වසරක කාලයක් තිස්සේ ක්‍රියා විරහිත කර ඇත්තේ ජාවාරම් කරුවන්ට මෙම වංචාව බාධාවකින් තොරව සිදු කිරිම සදහාය. ඉදිරි පරික්ෂණ කටයුතු රහස් පොලිසියට හා අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතව ඇත.
වංචාව සිදුවන ආකාරය…
විදේශ රැකියා සදහා පිටත්වන්නේ නම් කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගත යුතුය. එම ලියාපදිංචිය ලබා ගැනිමට නම්, වලංගු රැකියා විසා බලපත්‍රය, රැකියා ගිවිසුම, පුහුණු සහතිකය, පවුල් පසුබිම් වාර්ථාව, ආදි ලියවිලි අත්‍යාවශ්‍ය වේ. නමුත් මෙම නීතියට පට හැනිව සංචාරක වීසා උපයෝගි කරගෙන මෙම මිනිස් ජාවාරම මෙහෙය වා තිබේ. විදේශ රැකියාවක් සදහා පිටත්විමට ගුවන් තොටුපලට පැමිණි විට මුලින්ම ගුවන් තොටුපල ඒකකයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් විසින් පරික්ෂා කරයි. මෙම අවස්ථාවේදි අදාල රැකියා ලාභායා තම ගමන් බලපත්‍රෙය් කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති බවට ආරක්ෂිත මුද්දරය අලවා නියමිත පරිදි මුද්‍ර තිබිය යුතුය. එසේම එම කවුලුවේ ඇති ගමන් බලපත්‍ර කියවීමේ යන්ත්‍රය මගින්ද කාර්යාංශ ලියාපදිංචිය පරිගනකය මගින් තහවුරු කර ගනි. මේ සියල්ලම සපුරා ඇති විට බාධාවකින් තොරව විදේශ ගතවිය හැකිය.
නමුත් ජාවාරම් කාර නිලධාරින් හා ඇතැම් වංචනික රැකියා එජන්සි ආයතන සම්බන්ධ වී ඉහත නිතිවලට හොරෙන් ගමන් බලපත්‍ර පරික්ෂා නොකර විදේශ ගත කරයි. එම එක් අයෙකුගෙන් රු ලක්ෂයක පමණ මුදලක් අය කරන අතර එය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, රැකියා එජන්සි ආයතනය හා එදින රාජකාරි නිලධාරින් අතර බෙදා ගනි. මෙු ආකාරයට දිනකට පුද්ගලයන් 50-100 අතර ප්‍රමාණයක් වංචනිකව විදේශ ගත කර ඇත.
ගුවන්තොටුපල ඒකකයේ කාර්යාංශ කවුලුව වෙත් මෙම නිලධාරින් අනුයුක්ත කිරිමට කට යුතු කර ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් වෘත්තිය සමිතිය විසිනි. එම සමිතියේ සභාපති හා ලේකම් විසින් ආදල නාම ලේඛනය සකසා ඊට කාර්යාංශයේ සභාපතිගේ අනුමැතිය ගෙන ඇත. එහෙත් සභාපතිවරයා කාර්යාංශයේ වැඩ භාරගත් මුල් කාලයේ මෙම ලේඛනය ඉදිරිපත් කර ඇති අතර කරැණු නොදත් සභාපතිවරයා රවටා එම සමිතියේ සභාපති හා ලේකම් විසින් අත්සන ලබාගෙන ඇත. මේ ආකාරයටම, තවත් මර්මස්ථානයක් වන කාර්යාංශයේ අනුමැති අංශයටද නිලධාරින් අනුයුක්ත කර ඇත. ඔවුන් හා එක්ව ගුවන් තොටුපල කාර්යාංශ නිලධාරින් මෙම ජාවාරම සිදු කර ඇත.
ගුවන්තොටුපල ඒකකයේ කාර්යාංශ කවුලුවේ ඇති ගමන් බලපත්‍ර ඉලෙක්ට්‍රොනිකව කියවීමේ යන්ත්‍රයද වසරක කාලයක් තිස්සේ ක්‍රියා විරහිත කර ඇත්තේ ජාවාරම් කරුවන්ට මෙම වංචාව බාධාවකින් තොරව සිදු කිරිම සදහාය.