තිරිඟු පිටි ලෙස ආනයනය කළ කහ කුඩු රේගු දැලේ

නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද රු. 15,000,000 / – ක් වටිනා කහ කුඩු කිලෝග්‍රෑම් 7,500 ක් රේගු අවදානම් කළමනාකරණ ඒකකය (Risk Management Unit ) විසින් 2020.12.21 දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම භාණ්ඩ තොගය තිරිඟු පිටි කිලෝග්‍රෑම් 19,350 ක් ලෙස විස්තර කර රේගුව වෙත ප්‍රකාශය ඉදිරිපත් කරමින් ආනයන කර ඇති අතර එහි ප්‍රාකාෂිත වටිනාකම රු. 1,550,000 / – කි.

සිදු කරන ලද රේගු පරීක්ෂණදී කහ කුඩු කිලෝග්‍රෑම් 7,500 ක් සහ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 11,850 ක් සොයා ගන්නා ලදී.

අඩි 1 x 20 ක බහාලුමක් තුල ඉන්දියාවේ සිට ආනයනය කරන ලද බහාලුම රේගු භාරයේ රඳවාගෙන ඇති අතර මූලික පරීක්ෂණ RMU කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී.

මොදර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මෙම ආනයනය සිදු කර ඇති අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාර කරනු ලැබීය.

මෙම රේගු විමර්ෂණය අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්. ආනන්දේශ්වරන් මහතාගේ හා රේගු අධ්‍යක්ෂ ඩී.ඒ.එස්. චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදි, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර රේගු අධිකාරී කැලුම් තුෂාර, සුරේන්ද්‍ර අමරසිංහ, ඉඳුනිල් බණ්ඩාර, පුලස්ති ලක්ෂාන් හා තරිඳු පරණමාන යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.