පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි තනතුරට අදාළ පාඨමාලාවේ පුහුණුව සදහා බඳවාගැනීම සඳහා විද්‍යුත් මාධ්‍යයෙන් අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
2015 – 2016 හෝ 2017 යන වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඕනෑම විෂය ධාරාවකින් සමත් සිසුවියන්ට මේ සඳහා අයදුම් කළ හැක.
ලබන මස පළමු වනදා දක්වා අයදුම්පත් භාරගැනෙන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.health.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය