මෙරටට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (04) දිනට යෙදී තිබුණු පොළොන්නරුව සහ සීගිරිය ප්‍රදේශවල සංචාර අවලංගු කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
එබැවින් දේශීය සංචාරකයින් සඳහා එම කලාප විවෘත බව ද මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසීය.
මේ වනවිට යුක්රේන ජාතික සංචාරකයින් 563 දෙනෙක් පමණ මෙරටට පැමිණ සිටින අතර ඔවුන්ගෙන් 5 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට පසුගියදා හඳුනාගැනිණි.