සාධාරණ නඩුවකින් තොරව හොංකොං ක්‍රියාකාරින්ව චීනයෙන් සිර කරයි

බෝට්ටුවකින් තායිවානයට පළායාමට උත්සහ කළ හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයන් දස දෙනෙකුට චීනයේ සෙන්ජෙන්හි අධිකරණයක් මගින් වසර තුනත් මාස හතත් අතර සිර දඩුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීන වෙරලාරක්ෂක බලකාය මගින් සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම සහ ඊට අදාළ ගව චීනය විසින් සිදුකළ නඩු විභාගය සම්බන්ධයෙන් ලෝකයේ රටවල් ගණනාවක අවධානය යොමුවී තිබිණ. මෙම පිරිසට සාධාරණ නඩු විභාගයක් සදහා අවස්ථාව නොලැබුණු බව යුරෝපා සංගමය ඇතුලු රටවල් රැසක් ප්‍රකාශ කරයි

මෙම පිරිස අතර සිටි බාලවයස්කරැවන් දෙදෙනෙකු අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා හොංකොං බලධාරීන් වෙත භාරදීමට චීනයේ සෙන්ජෙන් අධිකරණය නියෝග කර ඇත. හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවලට සම්බන්ධ වී සිටි මෙම පිරිස එහිදී මතුවූ අවදානම් තත්වයෙන් මිදීම සදහා අධිවේගී බෝට්ටුවකින් තායිවානයට පලායමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.