බස්නාහිර පළාතේ හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් වල 11 ශ්‍රේණිය සඳහා පමණක් පාසැල් යලි විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ බස්නාහිර පළාතේ හුදෙකලා නොකර ඇති ප්‍රදේශවල පිහිටි පාසැල් වල 11 ශ්‍රේණියේ සිසු සිසුවිය සඳහා වන පාසැල් කටයුතු මෙම මස 25 වෙනිදා සිට ආරම්භ කිරීමට සුදානම් බවය.