මේ වසරේදී වාණිජ නගරයක් ඇතුළු වෙළෙඳ සැල් රැසක්

අශන්ති වරුනසුරිය

මිහින්තලය ප්‍රදේශයේ ආනයන හා අපනයනය කේන්ද්‍රකරගත් නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොළඹ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රීය මර්මස්ථානය හදිසියේ ඇතිවන තත්ත්වයකින් අක්‍රීය වුවහොත් ඊට මුහුණදීමට හැකිවන පරිදි මෙය ඉදිකරන බවය.

එමෙන්ම වාණිජ්‍ය නීතිගත සංස්ථාව හරහා ආරම්භ ව ඇති කියූ ෂොප් වෙළදසැල් ජාලයද මේ වසරේදී පුළුල් වන අතර 2021 දී එම වෙළඳසැල් 1000 දක්වා වැඩි කිරීමටකටයුතු යොදා ඇත. ඊට සමගාමිව මහපොළ හරහාද වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යංශය පවසයි.

මිහින්තරල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

“දීර්ඝ කාලයක් ප්‍රයෝජනයට ගෙන නොමැති අනුරාධපුර – මිහින්තලය දුම්රිය මාර්ගයේ ප්‍රවාහන පහසුකම භාවිත කරමින් පළාත් 3කට දිස්ත්‍රික්ක 10කට දේශීය නිෂ්පාදන සහ ආනයනය කළ භාණ්ඩ බෙදාහරින කොළඹ වගේ ප්‍රධානතම වාණිජ නගරයක් නිර්මානය කිරීමට අද දින සාකච්ඡා කළා. මේ පළාත්වල ගොවි ජනතාවගේ නිෂ්පාදන අතරමැදියන් නොමැතිව ඔවුන්ටම අලෙවි කිරීමට හැකි වෙළඳපොළක් නිර්මාණය කිරීමට මේ ඔස්සේ අපිට හැකි වෙනවා. ඒ වගේම මේ පළාත්වල නිෂ්පාදන අපනයනය කිරීම සඳහා ඇසුරුම්කරණය, සැකසීම, නාමගතකරණය කරලා විදේශ වෙළෙඳපොළට අපනයනය කිරීමට හැකියාව ලැබෙනවා. තුන්වෙනි කාරණය, ආනයනය කරන භාණ්ඩ තොග වශයෙන් මෙහි රැස්කර තැබීම. එවිට ස්වභාවික ආපදාවකදි හෝ වෙනත් ගැටලුවකදී කොළඹ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රීය මර්මස්ථානය අක්‍රීය වුණොත් මේ ආර්ථික මධ්‍යස්ථානය හරහා කටයුතු කළ හැකි වනවා. ඒ වගේම මේ හරහා මෙම ප්‍රදේශවල විශාල පිරිසකට රැකියා අවස්ථා ලැබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.