අශන්ති වරුනසුරිය
දිවයින පුරා විසිරී සිටින විවිධ ජන කොටස්වල නියෝජිතයන් කෘත්‍යධිකාරී මණ්ඩලයට නම් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
පක්ෂයේ නව ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 75ක් වන අතර ජාතික විධායක කමිටුවට 550ක සාමාජිකයෝ ඇතුළත් වෙති.
මෙම සියලු පත්කිරීම් නායකයාට තනිව කිරීමට නොහැකි අතර කළමනාකරණ කමිටුවේ නිර්දේශ මත සිදු කිරීමට සැලසුම් කර ඇත. ජනවාරි මාසයේ දී සමගි ජන බලවේගයේ මහ සමුළුව පවත්වා නව තනතුරු සඳහා සුදුස්සන් නම් කිරීමටද නියමිතය.
මෙහි දී ධීවර, ආදිවාසීන්, මැටි කර්මාන්තකරුන්, වෙළෙඳ ප්‍රජාව, ඇතුළු වෙනත් ජන කොටස්වල ප්‍රධාන පෙළේ නියෝජිතයන්ද ඇතුළත් කිරීමට නියමිතය. සෞඛ්‍ය ක්ෂේත්රයේ විවිධ වෘත්තිකයන්ගෙන් ප්‍රධාන පෙළේ නායකයන්ද කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇත.