ජනවාරි 22වනදා සිට ගුවන්තොටුපොළ විවෘතයි

අශන්ති වරුනසුරිය

රටේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමුකරමින් සෞඛ්‍ය අංශවල විශේෂ අධීක්ෂණය යටතේ විදෙස් සංචාරකයින් ඇතුළු සියලු වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

එමෙන්ම ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද ප්‍රකාශ කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවෙමින් ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවර ගැනීම ගැටලුවක් නොවන බවය.

සංචාරක ව්‍යාපාරය මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් සපයනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරය ඉතා ඉක්මණින් නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාව තියෙනවා. නමුත් අපි එය සිදුකළ යුත්තේ කොවිඩ් -19 වසංගතයේ ආසාදිතයින් අපේ රටතුළ නිදැල්ලේ හැසිරීමට අවස්ථාවක් නොලැබෙන ආකාරයෙන්,” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.